ඔබේ ආකර්ණය වඩවන ප්‍රධාන මෙන්ම පළමු අංගය ඔබේ මුහුණ බව ඔබට අමුතුවෙන් කිව යුතු නැත. ඒ අතරිනුත්, අයෙකු ප්‍රථමයෙන්ම බලන්නේ ඔබේ ඇස් දෙසය. ඉතින් ඇස් සුන්දර කරන ඇහි බැම ඔබට ගැළපෙන පරිදි සුන්දරව සකස් කර ගැනීමේ අවශ්‍යතාවය නුඹට දෙවරක් සඳහන් කළ යුතුද?
රූපලාවන්යට නැඹුරු වූවත් නොනැඹුරු වූවත් ඇහි බැම අලංකරණය කිරීම නම් අද ඕනෑම යුවතියකට අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇත. මේ සඳහා යුවතියන් හුරුව ඇත්තේ ඉන් මුහුණේ සුන්දරත්වය වර්ධනය කරන නිසාම පමණක් නොවේ, එමගින් මුහුණට ඉතා පිළිවෙල ස්වභාවයක්ද එක් කරන බැවිනි. කෙසේ නමුත් ඉහත සඳහන් කෙරූ ආකාරයේ සුන්දරත්වයක් ඔබට ලැබීමට නම් නිසි ආකාරයට ඇහි බැම සකස් කිරීම අනිවාර්ය වේ.
ඔබේ ඇහි බැම සකස් කල යුත්තේ කෙසේද?
අක්‍රමවත්ව හෝ අපිළිවෙලව වැඩුණු ඇහි බැමි මනා ලෙස හැඩ කිරීමත්, මද ලෙස වැඩුණු ඇහි බැමි වර්ධනය කොට මනා ලෙස හැඩ කරගැනීමත් ඔබගේ ඇහි බැම අලංකරණයෙදී සිදු වේ. එහිදී ඔබේ මුහුණේ ප්‍රමාණය, හැඩය, සමේ වර්ණය මෙන්ම ඇස් වල ස්වභාවයද සැළකිල්ලට ගෙන, ඔබට සුදුසු වන්නේ එය සිහින්ව සැකසීමද, ඝනව සැකසීමද, V හැඩයට සැකසීමද, වක්‍රාකාරව සැකසීමද ආදිය තීරණය කිරීම අවශ්‍ය වේ.
ඇහි බැම සකස් කිරීමට රූපලාවන්‍යාගාරයක්
ඇතැම් යුවතියන්ට තමන්ගේ ඇහි බැම තමාට අවශ්‍ය පරිදි සුන්දරව සකස් කර ගත හැකි වූවත් බොහෝ යුවතියන් මේ සඳහා රූපලාවන්‍යගාරයකට යාමට නැඹුරු වී ඇත. කෙසේ නමුත් ඔබ රූපලාවන්‍යාගාරයකට පිවිස ඇහි බැම සකස් කරගෙන නිවෙසට පැමිණ මුහුණ දෙස බලන විට ඒ පිළිබඳ අසංතෘප්තියක් ඇති වූ අවස්ථා ඔබට මතකද?
ඊට හේතුව ඇහි බැමෙහි හැඩය විකෘති කර තිබීම පමණක්ම නොවිය හැක. උපකරණ අවභාවිතයෙන් හෝ පිරිසිදු නොකිරීම හේතුවෙන් ඔබේ සම පළුදු වී තිබීම හෝ සම ආසාධන වලට ලක්ව තිබීමද විය හැකිය.
මෙවැනි වගකීමකින් තොර සේවාවන් ලබාදෙන රූපලාවන්‍යාගාරයන් වෙත යොමුව විඩාවට පත් වීම ඔබට තව දුරටත් අවශ්‍ය නොවේ. ඔබට, නිවැරදි රූපලාවන්‍යාගාරයට යොමු වීමට මග පෙන්වන topsalons.lk වෙබ් අඩවිය දැන් ඔබට ලංකාවේ ඉහල තලයේ සේවා සපයන වගකීම් සහිත ගුණාත්මක භාවයෙන් ඉහළ රූපලාවන්‍යාගාරයන් සොයා ගැනීමට අවස්ථාව හිමි කර දී තිබේ.
Achi Perera is a cosmetics expert at Topsalons.lk. She works on reviewing new & trending cosmetics and then shares her thoughts as a blogger.